බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අදයි

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අදයි

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය එරට වේලාවෙන් අද (04) උදෑසන 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

එරට වේලාවෙන් රාත්‍රී 10.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන විවෘතව තැබෙනු ඇති.

බ්‍රිතාන්‍යයේ මැතිවරණ කොට්ඨාස 650 කට අදාළව පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරුන් මෙම මැතිවරණයෙන් තෝරා ගැනීමට නියමිතයි.

ස්කොට්ලන්තයේ හා එංගලන්තයේ සමහර ප්‍රදේශ සඳහා තැපැල් ඡන්ද සඳහා පහසුකම් සලසා ඇති බවත් විදෙස් වාර්තා වල සඳහන් ය.

මහ මැතිවරණය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පසුගිය මැයි 30 වැනිදා විසුරුවා හැරීමට තීරණය කළේය.