හිරුණිකාට බරපතළ වැඩ සහිත වසර 03ක සිරදඬුවම්

හිරුණිකාට බරපතළ වැඩ සහිත වසර 03ක සිරදඬුවම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03 ක සිර දඬුවම් නියම කර තිබේ.

ඒ, 2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් වධහිංසා සිදුකර අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව යටතේ වරදකරු කරමින්.

ඊට අමතරව ඇයට එල්ල වී ඇති අධි චෝදනා පත්‍රයේ චෝදනා 18ටම ඇය වරදකරු කර ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් ප්‍රකාශ කළේය.

එමෙන්ම, අදාල තරුණයා පැහැරගෙන යෑමට ආධාර අනුබල දුන් බවට ඉදිරිපත් වී ඇති කරුණු සාක්ෂි සලකා බැලිමේදී එම වරද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සිදුකළ බවට සෑහීමකට පත්විය හැකි සාක්ෂි ඇති බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණි.