එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිියේ ශූරතාවය දිනාගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් විය.

අද (18) පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල පන්දුවාර 31ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 92ක් පමණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා පිල වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුළු 4ක් දවා ගැනීමට සමත් වූවාය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 21යි පන්දු 2කදි කඩුළු 5ක් දැවී ලකුණු 93ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කාන්තා පිල වෙනුවෙන් විශ්මි ගුණරත්න අර්ධ ශතකයක් වාර්තා කළාය.

ඊට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය.

දෙරට අතර අවසන් තරගය ජූනි මස 21 වැනිදා හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.