කෝටි දෙකක නීති විරෝධී දුම්වැටි සමග තිදෙනෙක් අත්අඩංගුවට

කෝටි දෙකක නීති විරෝධී දුම්වැටි සමග තිදෙනෙක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද විවිධ වර්ගයේ දුම් වැටි 120,000 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ 10 හා මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචි (32 – 45) වයසේ පසු වන තිදෙනෙකි.

අත්අඩංගුවට ගත් දුම් වැටි තොගය කෝටි දෙකකට ආසන්න වෙළඳපොළ වටිනාකමකින් යුතු වන අතර ඒවා හොර රහසේ ඉතා සූක්ෂමව මෙරටට ගෙන්වා දිවයින පුරා බෙදාහැරීමට සූදානම් කර තිබියදී හමුවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.