ගුණතිලකට එරෙහිව නිතිමය පියවර ගන්නවා – මහින්දානන්ද අලුත්ගමගේ

ගුණතිලකට එරෙහිව නිතිමය පියවර ගන්නවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (14) දින නාවලපිටිය ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මෙහිදි අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

පා.ම ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්විමේදි මා ඔහු පහර දුන් බවට පහර දිමෙන් ඔහුගේ පාදයට බරපතල තුවාල සිදු වු බවට ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ සහ ගුණතිලක රාජපක්ෂ අවස්ථා හතරකදි මාධ්‍යය හරහා මට චෝදනා කර තිබුණා.

මම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා , මම මගේ නිතිඥයවරයාට උපදෙස් දුන්නා එම දෙදෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න කියලා.

ගුණතිලක රාජපක්ෂ මහතා එදින රාජ්‍ය නිලධාරින් ඉදිරියේදි පරුෂ වචනයෙන් බැන වැදුණා , මම ඔහුට උපදෙස් දුන්නා රාජ්‍ය නිලධාරින් ඉදිරියේ එහෙම හැසිරෙන්න එපා කියලා.

එතනදි බහින් බස් විමක් තමයි ඇති වුණේ පසුව ඔහු විසින් පොලිසියට භාර දිලා තියෙනවා ඇසින් දුටු සාක්ෂිකරුවන් සිව්දෙනෙක් මම ඔහුට පහර දුන්නා කියලා.

ඒ තමයි පොලොන්නරුව දිස්ත්‍රික් පා.ම ජගත් , කළුතර දිස්ත්‍රික් පා.ම ලලිත්, ගම්පහ දිස්ත්‍රික් පා.ම සහන් ප්‍රදිප් , කොළඹ දිස්ත්‍රික් පා.ම මදුර විතාන යන අය, පොලිසිය විසින් මේ අයගෙන් සාක්ෂි සටහන් කරගෙන තියෙනවා.

මේ කිසිදු අයෙක් පොලිසියට සාක්ෂි දිලා නැ මම ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දුන්නා කියලා , පසුව පොලිසිය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්විම තිබුණ ස්ථානයේ පරික්ෂණයක් කරලා තියෙනවා එහිදිත් කිසිදු සාක්ෂියක් ලැබිලා නැ.

එතුමා මේ කරන්නේ වෙනත් කෙනෙකුගේ අවශතාවයක් ඒ සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා , මම ඒ සම්බන්ධයෙන් නිතිමය පියවර ගන්නවා යනුවෙන් පැවසිය.