උඩවලව ජලය ප්රමාණවත් තව දින තුනකට පමණයි
උඩවලව ජලාශයේ පවතින ජල ධාරිතාව ප්රමාණවත් වන්නේ දින තුනකට පමණක් බව, ශ්රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
මේ වන විට එහි අක්කර අඩි 5000 ක පමණ ජල ධාරිතාවක් පවතින බවයි අධිකාරිය සඳහන් කළේ .
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ඊයේ (12) නිකුත් කෙරුණු ජල ධාරිතාව අක්කර අඩි 2300 ක්.
ඒ අනුව වම් ඇළ හරහා මයුරපුර සහ සූරියවැව ප්රදේශ වලට ඊයේ පස්වරුවේ ජලය නිකුත් කෙරිණි.
දකුණු ඇල හරහා සඳුදා දක්වා අගුණුකොළපැලැස්සට ජලය නිකුත් කෙරෙන බව, මහවැලි අධිකාරිය සඳහන් කළේ ය.