
පාසල් වෑන් රිය ගසක ගැටී සිසුන් 12 ක් රෝහලට
පාසල් ළමුන් ප්‍රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද වංගුව ප්‍රදේශයේදි අද (03) අනතුරකට ලක්වීමෙන් සිසුන් දොළොස් දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව කුරුවිට පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් යුහුසුලුව තුවාලකරුවන් එරත්න ප්‍රාදේශීය රෝහලට ඇතුලුකර ඇත. ඉන් දෙදෙනෙක් වහාම රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබේ.
තුවාල ලබා ඇති දරුවන්ගේ දෙපා වලට හානි සිදුව ඇති බව රෝහල ප්‍රකාශකයෙක් පැවසුවේය.
අනතුර සිදුව ඇත්තේ අද (03) උදෑසන හයට පමණ බව ප්‍රදේශවාසීහූ පවසයි.
බෝටියාගල, විතාරම්පංගුව, ලස්සකන්ද ආදි ප්‍රදේශවල සිට පාසල් දරුවන් රැගෙන මෙම වෑන් රථය පැමිණ ඇති අතර වැන් රථය ධාවනයට නුසුදුසු තත්වයේ ඇති බවයි ප්‍රදේශවාසීහු පවසන්නේ.