
සීසන් සිසුන් බැස්සූ ලංගම කොන්දොස්තරගේ වැඩ තහනම්
නුවරඑළියේදී ලංගම බස් රියකට ගොඩ වූ පාසල් දරුවන්ට බසයෙන් බසින්නැයි කී කොන්දොස්තරවරයකු සියලු රාජකාරී වලින් ඉවත් කළ බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභා නායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
පාසල් දරුවන් ලංගම බස්රියකට නැගුණු අවස්ථාවේ අදාළ කොන්දොස්තරවරයා ඔවුනට බැස යන ලෙස පවසා ඇතැයිද මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ද සංවාදයක් ගොඩනැගී තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.
සීසන් ටිකට් පත් සහිත දරුවන් මෙන්ම සෙසු අය ලංගම බස් රථ වලින් අනිවාර්යයෙන්ම ප්‍රවාහනය කළ යුතු බවට අමාත්‍යාංශය තීන්දුවක්ද ගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංගම ඉහල කළමනාකාරීත්වය විසින් අදාල කොන්දොස්තරවරයාට එරෙහිව සියලු විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු නැවත රාජකාරී සඳහා නොයෙදවීමට ලංගම ඉහල කළමනාකාරීත්වය තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා කීය.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පාසල් සිසුන් දිගු කලක සිට බස් රථවලට නංවා නොගන්නා බවට වාර්තා වී ඇති බැවින් ලංගම ප්‍රවේශපත්‍ර ඇති ජනතාව මගහැර යන ලංගම රියදුරන් සම්බන්ධ තොරතුරු 1958 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.