ගණේමුල්ල සංජීව පිටතට රැගෙන නොයන්නැයි අධිකරණයෙන් නියෝගයක්

ගණේමුල්ල සංජීව පිටතට රැගෙන නොයන්නැයි අධිකරණයෙන් නියෝගයක්

මේ වනවිට වීරගුළ පොලිසියේ රඳවා සිටින පාතාල සාමාජිකයකු බව කියන සංජීව සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා පෙබරවාරි මස 27වනදා තෙක් දැනට රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යාමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (24) දින නියෝග කළේය.

ගණේමුල්ල සංජීව නමැත්තාගේ මව විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අනතුරුව පෙත්සම ලබන 27 වනදා කැඳවීමටද දින නියම විය.