රේණුක පෙරේරා අත්අඩංගුවට

රේණුක පෙරේරා අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගන්නා ලද බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් අද (05) උදෑසන ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් රේණුක පෙරේරා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

රේණුක පෙරේරා මහතා එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකළේ යැයි චෝදනාවක් ද ඔහුට එල්ල වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.