වී මිල ඉහළට
රජය වී මිලදි ගැනීම ආරම්භ කළ ද වී මිල ඉහළ ගොස් ඇති බව, වී අලෙවී මණ්ඩලය පවසයි.
පෞද්ගලික වෙළෙදුන් මණ්ඩලය නියම කළ මිලට වඩා වැඩියෙන් වී මිලදි ගන්නා බවයි, එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේ.
ඒ හේතුවෙන් ගබඩා විවෘත කළ ද ගොවීන් වී අලෙවී මණ්ඩලයට තම අස්වැන්න ලබා දීමේ අඩුවක් පවතින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.