බීමතින් විභාග රාජකාරි සිදුකළ කොස්තාපල් අත්අඩංගුවට

බීමතින් විභාග රාජකාරි සිදුකළ කොස්තාපල් අත්අඩංගුවට

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ උසස් පෙළ විභාග රාජකාරී සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බීමතින් කලහකාරී ලෙස හැසිරී පොලිස් සැරයන්වරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

පහර දීමෙන් උඩු තොල තුවාල ලැබූ පොලිස්සැරයන්වරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

ඉහත විභාග මධ්‍යස්ථානයේ ආරක්‍ෂාවට පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරුන් දෙදෙනෙකු අනුයුක්ත කර ඇති අතර ඊයේ පස්වරුවේ මෙම සිද්ධිය සිදුව තිබේ.

ඇඹිලිපිටිය පොලිසියට සිද්ධිය වාර්තා වීමත් සමඟම සැකකාර කොස්තාපල්, අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේදී සැකකරු බීමතින් සිටි බවට තහවුරු වී තිබේ.