කෝටි දෙකක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට
රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කරමින් සිටි විදේශීය ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20) දින රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු 33 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක් වන අතර තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 11.45 ට පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබූ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 900 ක් බරැති “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ වනවිට මෙම ඉන්දීය ජාතික ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර එළඹෙන (26) දක්වා රදවා තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .