පස්සරින් හමුවූ පිරමීඩ හැඩයේ දුර්ලභ නිල් මැණික

පස්සරින් හමුවූ පිරමීඩ හැඩයේ දුර්ලභ නිල් මැණික

දුර්ලභ ගණයේ, පිරමීඩ හැඩයෙන් යුත් කපා ඔපදමා නොමැති නිල් මැණිකක් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට හමුවී තිබේ.

කැරට් 17.42ක බරකින් යුත් මෙම මැණික බදුල්ල, පස්සර ප්‍රදේශයේ පතලකින් හමු වී ඇති අතර මෙහි වටිනාකම තවමත් තහවුරු කර නොමැති බවයි, වාර්තා වන්නේ.

මෙම මැණිකට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරන ලද සහතිකයද, Ceylon gemmological services ආයතනයේ සහතිකයද හිමිව තිබේ.

එහි හිමිකරු පවසා සිටින්නේ, මෙම මැණික ශ්‍රී ලංකාවට ලෝක වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වී විදෙස් විනිමය උපයා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් බවය.

එසේම මෙහි හිමිකරු වසර 20කට ආසන්න කාලයක් මැණික් ව්‍යාපාරයේ නිරතව සිටි ව්‍යාපාරිකයෙක් බව වාර්තා වේ.