ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව පෙබරවාරි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව, මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල් 183 යන මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව පවසයි.