ලංකා ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ලංකා ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා වැඩ භාරගෙන තිබේ.

නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරියේ ඊයේ (06) පෙරවරුවේ ඒ මහතා නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කර ඇත.

ලංගම හිටපු සභාපති රමාල් සිරිවර්ධන මහතා පසුගිය ජනවාරි 28 වනදා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙසේ නව පත්කිරීම සිදුකර ඇත.

මාතර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය මූලික සහ ද්විතීය අධ්‍යාපනය හදාරා ඇති පුරසිංහ මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

පුද්ගලික ආයතන කිහිපයක ජ්‍යේෂ්ඨ තනතුරු කිහිපයක් හොබවා ඇති ඒ මහතා, වර්තමානයේ ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරයි.