කොළඹ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 314ක් විනාශ කෙරේ – 11කට නඩු

කොළඹ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 314ක් විනාශ කෙරේ – 11කට නඩු

උත්සව සමය නිමිති කරගෙන කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ වෙළඳසැල් සෝදිසි කර අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 314ක් විනාශ කර නඩු පැවරීම් එකොළහක් අද (12) සිදුකළ බව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කොළඹ මහ නගර බල ප්‍රදේශයේ වෙළඳසැල් 178 පරීක්ෂා කර රතු නිවේදන 16ක් නිකුත් කර නඩු පැවරීම් 11 සිදුකල බව මහජන සෞඛ්‍ය පරික්ෂක සමන්ත කුමාර මහතා පැවසීය.

වැටලීමේදී විනාශ කළ ආහාර අතර කරවල , එළවළු ,බොම්බේ ලූනු ,අර්තාපල් තිබු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.