counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • ℃ Mumbai, India
news-details
Sport News

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
 
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව, 2024 වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර 2026 වසරේ සම සත්කාරකත්වය සිම්බාබ්වේ සහ නැමීබියා රටවල් වෙත හිමිව ඇති බව සඳහන්.
 
ශ්‍රී ලංකාවේ මීට පෙර 2000 සහ 2006 යන වසරවලදී යොවුන් ලෝක කුසලාන තරගාවලි දෙකක් පවත්වා ඇති අතර 2006 වසරෙන් පසුව යොවුන් ලෝක කුසලාන තරගාවලියක සත්කාරත්වය ශ්‍රී ලංකාවට ලැබී නොමැත.
 
මේ අතර, 2025 වසරේ 19න් පහළ කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20-20 තරගාවලිය මලයාසියාවේ සහ තායිලන්තයේ පැවැත්වෙන බවද ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.
 
එහි 2027 වසරේ සම සත්කාරකත්වය හිමිව ඇත්තේ බංග්ලාදේශයට සහ නේපාලයටය.

 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments