counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Sport News

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස් අද තරග බිමට

"රෝඩ් සේෆ්ටි" ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (13) එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.
 
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ප්‍රථම තරගයේදී ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් තරග වැදුණු අතර එහිදී ලකුණු 38ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
 
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 218ක් රැස් කරගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56කදී ලකුණු 107ක් රැස් කළහ. 
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 180ක් ලබා ගත්තේය.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments