counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Political News

ජෙයරාජ් ඝාතන සිද්ධියට චෝදනා ලැබූ හිටපු SP සහ හිටපු L.T.T.E  සමාජිකයා නිදහස් 

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එවකට ගම්පහ හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ සහ හිටපු එල්.ටී.ටී.ඊ. සමාජිකයෙකු යැයි කියන සෙල්වරාජා කිරුභාකරන් හෙවත් මොරිස් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා විසින් නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමිනි.  

2008 වසරේ අප්‍රේල් මස 06 වැනිදා වැලිවේරිය කාන්ති ක්‍රිඩාංගනය අසලදී එල්ල වූ  බෝම්බ ප්‍රහාරයකින් ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනයට ලක් විය.  

ගම්පහ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ ලක්ෂමන් කුරේ මහතා මෙම බෝම්බ ප්‍රහාරවලට සෘජු සබඳතාවයක් ඇතැයි චෝදනා නඟමින් අත්අඩංගුවට ගත්තේ 2009 අගෝස්තු 12 වැනිදායි.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments