counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.23℃ Mumbai, India
news-details
Sport News

FIFA World Cup 2022 - පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹේ 

පාපන්දු පිටියේ ලෝක ශූරයින් තීරණය කරන 2022 පාපන්දු  ලෝක කුසලාන තරගාවලිය අද(20)  කටාර් රාජ්‍යයේ දී ආරම්භ වේ. 

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා පාපන්දු ලෝවේ කිරුළ දැරූ  පෘතුගාලය,ආජන්ටිනාව,බ්‍රසීලය ඇතුළු රටවල් 32 එක්වී තිබේ.

මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානය සඳහා  සත්කාරකත්වයක් දරණ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙය 22 වන පාපන්දු ලෝක කුසලානය වන අතර මේ සඳහා සහභාගී වන කණ්ඩායම් 32 මූලික වටයේදී කාණ්ඩ 8ක් යටතේ තරග කෙරේ.

එමෙන්ම සුපිරි පාපන්දු ක්‍රීඩකයින් වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී තරගවදින අවසන් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වන්නේ මෙයයි.

ඔවුන් දෙදෙනාම 2006 වසරේ සිට මේ දක්වා පැවති පාපන්දු ලෝක කුසලාන 4ක් ක්‍රීඩා කර ඇති බව සඳහන්.

එමෙන්ම ඉතිහාසයේ පළමු වරට පිරිමි පාපන්දු තරගාවලියක විනිසුරුවන් ලෙස කාන්තාවන් 3දෙනෙකු කටයුතු කිරීම මෙම තරගාවලියේ විශේෂත්වයක් වනවා.

තරගාවලිය අරඹමින් සමාරම්භක තරගය සත්කාරක කටාර් කණ්ඩායම සහ ඉක්වදෝර කණ්ඩායම අතර අද රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතයි.

Match schedule for the FIFA World Cup Qatar 2022™

Final match schedule for the FIFA World Cup Qatar 2022™ now available

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments