counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Foreign News

පකිස්තාන - ඇෆ්ගන් ක්‍රිකට් තරඟය අවසානයේ ක්‍රීඩා ලෝලීන් අතර ගැටුමක් 

ආසියානු කුසලාන 2022 සුපර් 4 තරගයේදී සාජාහිදී ඊයේ (7) පැවති තරගයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 1කින් පරාජය කිරීමට පකිස්තානය සමත්වුණා. 

තරඟයෙන් පසුව ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් පිරිසක් ක්‍රීඩාංගනයට හානි කරමින් කලහාකාරි ලෙස හැසුරුණු බව වාර්තා වනවා.

එහිදී ඇෆ්ගනිස්තාන් ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයේ පුටු කඩා පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහර දුන් බවත්, ඉන් ක්‍රීඩාංගනයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් දැනගන්නට තිබේ.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 129ක් පමණයි. 
 
පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 20 ක් තුළදී ලකුණු 130 ක් ලබා ගත යුතු වුණා. 
 
අවසන් පන්දු පන්දුවාරයේ ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 11ක් අවශ්‍යව තිබියදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලබාගත යුතුව තිබුණේ එක් කඩුල්ලක් පමණයි. 
 
කෙසේවෙතත් මේ ජයග්‍රහණයත් සමඟම පාකිස්තාන කණ්ඩායමට ආසියානු කුසලාන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව විවර වුණා. 
 
ඒ අනුව පන්දු වාර 20 ආසියානු කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම ආසියාකරයේ පන්දුවාර 20 කිරුළේ ජයග්‍රහණය සොයා සටන්  වැදීමට නියමිතයි.


 

 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments