මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් 04 දෙනෙකු විසින් ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්රයක් ගලවා රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
වෑන් රථයකින් පැමිණ ඇති සැකකරුවන් සිව්දෙනා අදාළ බැංකුවේ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්රය ගලවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, සැකකරුවන් පැමිණි වෑන් රථය, රියදුරු සමඟ පේරාදෙණියේ දමා ගොස් තිබිය දී පොලීසිය සොයා ගෙන තිබේ.
වෑන් රථය තුළ රියදුරාව ගැට ගසා සිටි බවයි, පොලිසිය පවසන්නේ.
අදාළ ATM යන්ත්රයේ පැවැති මුදල සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.
ඊයේ (24) රාත්රි 12.40ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
0 Comment(s)