counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • ℃ Mumbai, India
news-details
Foreign News

රුසියාවේ පාසලක වෙඩි තැබීමක් - 13 ක් මරුට (Video)

මධ්‍යම රුසියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විසි දෙනෙකු තුවාල ලබා ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
මධ්‍යම රුසියාවේ ඉෂෙව්ස්ක් නම් නගරයේ, සිසුන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන සහ ගුරුවරුන් 80ක් පමණ සිටින පාසලක මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
 
වෙඩි තැබීමෙන් පසු අදාළ පුද්ගලයාද සියදිවි හානිකර ගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බවයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ.
 
මියගිය පිරිස අතර පාසලේ සිසුන් 07 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ද වේ.
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments