counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 27.02℃ Mumbai, India
news-details
Local News

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ 

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 15 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 
 
2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු දකුණු පළාත් ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් විසින් කරන ලද පුද්ගලික පැමිණිල්ල විභාගයට ලක් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
 
අදාළ පුද්ගලික පැමිණිල්ල අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
එම අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළේය.
 
එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන දෙසැම්බර් මස 15 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළේය.

 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments