counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Sport News

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයෙන් යයි

ශ්‍රී  ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ටොම් මූඩි මහතාගේ සේවය තවදුරටත් ලබා නොගැනීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ටොම් මූඩි අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇති බවද ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.
 
2021 මාර්තු 1 දින සිට ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස මූඩි පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශයක් මත සිදුකර තිබුණි.
 
කෙසේ වෙතත් මෙම පත්කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා මතුව තිබූ කතාබහක ප්‍රතිඵලයක් ලෙස ටොම් මූඩි මහතාගේ සේවය තවදුරටත් ලබා නොගැනීමට ක්‍රිකට් බලධාරීන් තීරණයකට එළැඹ ඇති බවද පැවැසේ.  
 
ලංකාව ආසියානු කුසලාන ජයග්‍රහණය කොට තිබියදී සහ ‌20-20 ලෝක කුසලාන අත ළග තිබියදී මෙසේ ටොම් මූඩි ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත්වීම විමතියට කරුණක් වී තිබේ.
 
 
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments