counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.23℃ Mumbai, India
news-details
Local News

ෆෝඩ් සමාගම මෝටර් රථ 634,000 ක් නැවත කැඳවයි 

වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000 ක් නැවත කැඳවීමට ෆෝඩ් සමාගම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්ධන ඉන්ජෙක්ටරයේ ඇති දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. 

එබැවින් සිය මෝටර් රථ පරීක්ෂා කර ගන්නා ලෙස ෆෝඩ් සමාගම වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටී.

අමෙරිකානු වෙළෙඳපොළෙහි අංක 02 ස්ථානය හිමිකරගෙන සිටින ෆෝඩ් සමාගම පවසන්නේ 2020 - 23 වර්ෂවලට අදාළ සිලින්ඩර් 3ක ධාරිතාවයෙන් යුතු 1.5L එංජින් සහිත Bronco Sport සහ Escape SUVs වාහන නැවත කැඳවන බවය.
   
ලොව පුරා විකුණා ඇති මෝටර් රථ සඳහා එම තීරණය අදාළ බව ෆෝඩ් සමාගම පැවසීය.

හඳුනාගෙන ඇති දෝෂය හේතුවෙන් ගිනි ගැනීම් ඇතිවිය හැකි බව ෆෝඩ් සමාගම පැවසීය.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments