counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Foreign News

හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපති ආර්යාවකට මාස 14ක සිරදඬුවම්

හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව වන රෝසා බෝනිල්ලාට මාස 14ක සිරදඩුවම් නියම කර ඇති බව වාර්තා වෙයි.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වෙන්කර තිබූ මුදල් වංචා කිරීම සහ අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ලවී තිබූ බවයි.
 
රෝසා බෝනිල්ලා, අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් වෙන්කර තිබූ ඩොලර් 590,000කට සමාන මහජන මුදල් සිය ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවීමට සහ ඉදිකිරීම් සඳහා අවභාවිත කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
මීට පෙර සිදුකළ නඩු විභාගයකින් අනතුරුව ඇයට වසර 58ක සිර දඬුවමක් ලබා දුන්නද එම නඩු විභාගයේ විවිධ දුර්වලතා තිබූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව 2020 වසරේදී අත්හිටුවීය.
 
ඉන් පසුවයි අදාළ නඩුව යළි කැඳවීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇත්තේ.

 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments