යාපනයේ ක්රියාත්මක කල්ලි දෙකක් අතර අද (24) දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා.
එම ගැටුමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා යාපනය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කල්ලි දෙකේ සාමාජිකයින් දෙපිරිසක් අද දහවල් ගමන් ගත් වාහන දෙකක් යාපනය, චුන්නාකම් ප්රදේශයේ දී එකිනෙකට හප්පාගෙන ඇති අතර, වාහන හප්පා ගැනීමෙන් අනතුරුව දෙපිරිස අතර මෙම ගුටිබැට හුවමාරුව සිදුව තිබෙනවා.
මෙලෙස එකිනෙකට හප්පාගත් කැබ් රථයකට හා මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
යාපනය ප්රදේශවාසීන් පැවසූවේ ‘වික්ටර්’ කල්ලිය නමින් හදුන්වන කල්ලියක් හා තවත් කල්ලියක් අතර වූ ගැටුමක ප්රතිඵලයක් ලෙස දමිළ සිනමා පටවල දර්ශනවල පවතින ආකාරයට මෙලෙස වාහන දෙක හප්පාගෙන ඇති බවයි.
මේ අතර වික්ටර් කල්ලිය, ධනු කල්ලිය, ආවා කල්ලිය, අජිත් කල්ලිය නැමැති නම්වලින් හඳුන්වන කල්ලි රැසක් යාපනය ප්රදේශයේ ක්රියාත්මක බවයි යාපනය ආරක්ෂක අංශ පැවසූවේ.
0 Comment(s)