වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලෙස ඊයේ (08) දිවුරුම් දුන් ඩී.වී. චානක මන්ත්‍රීවරයා ඉදිරියේදී ඒ වෙනුවට විදුලි බල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඊයේ පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිය අමාත්‍ය ධූරයෙහි දිව්රුම් දීමෙන් පසු එම අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කිරීමට චානක මහතා පියවර ගෙන තිබුණි.
ඒ අනුව, ඩී.වී. චානක මහතා හට අරුන්දික ප්‍රනාන්දු මහතාට ලබා දී තිබූ නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් එක් විෂයක් ලබා දීමට අවධානය යොමුව ඇති බවයි මීට පෙර වාර්තා වූයේ.
කෙසේ වෙතත්, විදුලි බල හා බලශක්ති කැබිනට් අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් එම අමාත්‍යංශයට රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කළ යුතු බවට මීට පෙර දැනුම් දී තිබෙන නිසා එම රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්වීමට තමා ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ බවත් මේ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කළ බවත් අදාළ කරුණ පිළිබඳව කළ විමසීමකදී ඩී.වී. චානක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, අද (09) හෝ හෙට (10) තමා එම අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන බව ද ඩී.වී. චානක මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ධුරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාද ජනාධිපතිවරයා ඉදිරිපිට ඊයේ (08) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
0 Comment(s)