counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 25.02℃ Mumbai, India
news-details
Foreign News

යුක්‍රේනයේ සොලොඩාර් හි බලට රුසියානු හමුදා අතට

නැගෙනහිර යුක්‍රේනයේ සොලොඩාර් හි බලය අත්පත් කර ගැනීමට රුසියාව සමත්ව තිබේ.
 
ලුණු ආකර වලින් සමන්විත සොලොඩාර් නගරය දීර්ඝ සටනකින් පසු රුසියාව විසින් අත්පත් කරගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ
 
මේ අතර, මෙම ජයග්‍රහණය සිය හමුදාවල සාර්ථකත්වය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමට, මහත් පිටුවහලක් වනු ඇති බවයි රුසියානු හමුදා ප්‍රධානියෙකු සඳහන් කර ඇත්තේ.
 
සොලොඩාර් නගරය අත්පත් කරගැනීම හේතුවෙන් ඊට ආසන්න නගරක් වන බක්මුට් හි බලය තහවුරු කර ගැනීම ඉතා පහසු වනු ඇති බව රුසියානු ආරක්ෂක අංශ සඳහන් කර තිබේ.
 
කෙසේවෙතත් සොලොඩාර් නගරය රුසියාව විසින් අත්පත් කර ගෙන ඇති බවට පල වන වාර්තා අසත්‍ය බවත් එහි සටන් තවදුරටත් පවතින බවත් යුක්‍රේන ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments