counter hit xanga
  • India
  • Mar 23, 2023
  • Last Update 10:32 AM
  • 28.23℃ Mumbai, India
news-details
Local News

ලබන සතියෙන් පසු බිත්තර මිලෙහි අඩුවීමක්

ලබන සතියෙන් පසු බිත්තර මිලෙහි අඩුවීමක් සිදුවනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.
 
මේ දිනවල වෙළෙඳ පොළේ බිත්තර හිඟයක් පවතින්නේ මහා පරිමාණ බිත්තර ආශ්‍රිත නිෂ්පාදකයන් බිත්තර තොග ගබඩා කර ගැනීම නිසා බව ද ඔහු පැවසීය.
 
එම පිරිස් බිත්තර නිෂ්පාදකයන්ගෙන් බිත්තර ලක්ෂ ගණනින් මිලදී ගෙන ගබඩා කර ගන්නා බව ද ඔහු කිවේය.
 
එම බිත්තර ශීත ගබඩාවල වසරකට ආසන්න කාලයක් තබාගත හැකි බවත්, ඉන් පිටතට ගෙන එළියේ බිත්තරයක් තබාගත හැක්කේ පැය 72ක් වැනි කාලයක් බවත් ඔහු පැවසීය.
 
දැනට වෙළෙඳ පොළේ බිත්තරයක් රුපියල් 55 ත් 60 ත් අතර මිලකට අලෙවි වන බවත්, මාර්තු 25 න් පසු බිත්තරයක් රුපියල් 50ට අඩුවෙන් වෙළෙඳ පොළේ මිලදී ගැනීමට හැකි වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments