counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 27.03℃ Mumbai, India
news-details
Foreign News

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය කටයුතු ඇරඹේ - Video

පසුගිය ජූලි මස 08 වැනිදා ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
 
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ බිරිඳ විසින් වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට මෙම භෂ්මාවශේෂ ලබා දීමෙන් පසු එය නිල වශයෙන් හමුදා නිලධාරීන් වෙත භාරදුන් බව විදෙස් මාධ්‍ය පවසනවා.
 
රාජ්‍ය අවමංගල්‍ය කටයුතු එරට වේලාවෙන් 14:00 ට ආරම්භ වීමට නියමිත අතර, විදේශ අමුත්තන්, රාජ්‍ය නායකයින් සහ ප්‍රභූන් 700 කට වැඩි පිරිසක් එයට සහභාගී වනු ඇති.
 
පසුව හිටපු අගමැති ෂින්සෝ අබේගේ භෂ්මාවශේෂ Nippon Budokan වෙත රැගෙන යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
මෙම අවමගුල් උළෙලට ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සහභාගීවී සිටී.
 
මෙවැනි රාජකීය අවමගුලක් ජපානයේ පවත්වන්නේ 1967 වසරෙන් පසුවයි.
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments