counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.23℃ Mumbai, India
news-details
Local News

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති අතර වහාම ඊට අවශ්‍ය නීතිමය තත්ත්වය සකස් කරන ලෙස, පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ එහි නීති නිලධාරියා වෙත, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දුන්නේය.
 
ඒ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් ඊයේ (24) රැස් වූ අවස්ථාවේදීය.
 
ක්ෂේත්‍ර නිලධාරීන් හට සිය කොට්ඨාශය තුළම ඡන්දය ඉල්ලීමේ හැකියාව ලබා දීම සඳහා ලැබී ඇති කැබිනට් අනුමැතිය අනුව, සංශෝධනයක් සිදු කිරීම සඳහා ඔක්තොබර් 19 වැනිදා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බව, අමාත්‍යංශ නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළේය.
 
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ කාර්යභාරය පිළිබඳ මෙහිදී විමසා බැලුනු අතර, ආයතන ප්‍රතිව්‍යහගත කිරීමේ වැඩසටහනට මෙම ආයතනයද ඇතුළත්ව ඇති බැවින් මන්ත්‍රිවරයන් ආයතනය වෙත ගෙන්වා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලෙස, අග්‍රාමාත්‍යවරයා එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත උපදෙස් ලබා දුන්නේය.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments