counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Foreign News

චීනයේ කොවිඩ් රෝගීන් රැගෙන ගිය බස් රථයක් අනතුරට ලක්වීමෙන් 27ක් මරුට - Video

චීනයේ නිරිතදිග පළාතේ "Guizhou" හි නිරෝධායනය මධ්‍යස්ථානයක් වෙත කොවිඩ් ආසාදිතයන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
තවත් 20 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
අධිවේගී මාර්ගයකදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුර සිදුවී ඇතැයි සදහන් වේ.
 
ඉරිදා අලුයම් කාලයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 47 දෙනෙකු බස්රථයේ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  
 
මේ වසරේ එරට සිදුවූ මාරක රිය අනතුර මෙය ලෙස බලධාරීන් සදහන් කර ඇති අතර අනතුරට හේතුව තවමත් විමර්ශනය කෙරෙමින් පවතී.
 
 

 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments