counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Local News

Apple iPhone 14 එළිදක්වයි - ලංකාවේ මිළ ගණන් මෙන්න

ඇපල් සමාගම විසින් සිය නවතම නිෂ්පාදනය ලෙස අයිෆෝන් 14 මාදිලිය එළිදක්වා තිබෙනවා.

ඒ අනුව  iPhone 14 / iPhone 14 Plus / iPhone 14 Pro / iPhone 14 Pro Max යන වර්ග 04 ක් යටතේ මෙම දුරකථන වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් SOS පණිවුඩ සේවාවකින් නව දුරකථනය සමන්විතයි.

දැනට අමෙරිකාව සහ කැනඩාව තුළ පමණක් මෙම පහසුකම ක්‍රියාත්මක වනු ඇති.

මෙගාපික්සල් 48 කැමරාවකින්ද අයිෆෝන් 14 සමන්විත බව ඇපල් සමාගම නිවේදනය කලා.

iPhone 14 & 14 Plus midnight, starlight, light blue, light purple, Red යන වර්ණ 05 කින්ද යන iPhone 14 Pro and Pro Max space black, gold, silver and deep purple වර්ණ 04 න්ද වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

iPhone 14 රුපියල් 337,000 ක ආරම්භක මිළකින්ද – iPhone 14 Plus රුපියල් 380,000 ක මිළකටද – iPhone 14 Pro රුපියල් 421,000 ක ආරම්භක මිළකින්ද – iPhone 14 Pro Max රුපියල් 457,000 ක මිළකටද අලෙවි වනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම දුරකථනය මිලදී ගැනීමට හැකිවන්නේ සැප්තැම්බර් 16 දින සිට බව එම සමාගම සඳහන් කරයි.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments