counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Sport News

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරු අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු මෙන්ම පළමු පෙළ ක්‍රීඩකයෙකු වන පාකිස්තානු ජාතික අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
 
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ලාහෝර්හිදී ඔහු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
මිය යන විට අසාද් රවුෆ් 66 වැනි වියේ පසු වුණා. 
 
ඔහු ටෙස්ට් තරග 64 ක (පිටියේ විනිසුරු ලෙස 49ක් සහ රූපවාහිනී විනිසුරු ලෙස 15ක්), එක්දින තරග 139ක සහ විස්සයි විස්ස තරග 28ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
 
අසාද් රවුෆ් 2000 දශකයේ මැද භාගයේ පාකිස්ථානයේ කැපී පෙනෙන විනිසුරුවන්ගෙන් කෙනෙක් බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
 
2006 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරු මඩුල්ලට මොහුව උසස් කර තිබෙනවා.
 
 

 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments