counter hit xanga
  • India
  • Mar 23, 2023
  • Last Update 10:32 AM
  • 31.02℃ Mumbai, India
news-details
Local News

Microsoft ආයතනයෙන් නව මෙවලමක්  

Microsoft ආයතනය පළමුවරට සිය පරිශීලකයින් වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් බලගැන්වෙන නව මෙවලමක් හඳුන්වා දී තිබේ. 
   
මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ, Microsoft 365 Copilot නම් මෙම නව මෙවලම  Word, Excel, PowerPoint, Outlook සහ Teams වැනි බහුලව භාවිත කරන මයික්‍රොසොෆ්ට් යෙදුම් හා ක්‍රියාත්මක වනු ඇති බවයි. 

මෙහිදී වර්තමානයේ භාවිත වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් (AI) ක්‍රියාත්මක ChatGPT මෙන්ම ක්‍රියාත්මක බහු භාෂා මාදිලියකින් සහය සැලසේ.
  
Microsoft 365 Copilot  හඳුන්වාදීම දෙයාකාරයකින් සිදු කර ඇති  අතර  පළමුව, එය Word, Excel, PowerPoint, Outlook සහ Teams වැනි දෛනිකව භාවිත කරන යෙදුම් තුළට යොදා ඇත. 

දෙවනුව, විශාල භාෂා ප්‍රමාණයක් ආවරණය කරමින්  Microsoft 365 යෙදුම හරහා ක්‍රියා කරන Business Chat නමින් නව අත්දැකීමක් ලබා දෙන බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසයි. 

තව ද මයික්‍රොසොෆ්ට් ආයතන පවසන්නේ, නව හඳුන්වා දීම යටතේ සිය පරිශීලකයින්ට මයික්‍රොසෆේට් යෙදුම් හරහා මීට පෙර සිදුකර ගැනීමට නොහැකි වූ බොහෝ කාර්යයන් සිදුකර ගත හැකි බවයි. 

Business Chat මගින් රැස්වීම්, ඊමේල්  සහ chat threads යාවත්කාලීන කිරීම් පවා සිදු කිරීමේ අවස්ථාව හිමිවනු ඇති.
  
Copilot ක්‍රියා කරන්නේ කෙසේද?

Word භාවිත කරන පරිශිලකයින්ට Copilot මෙවලම භාවිත කරමින් ක්‍රෘත්‍රිම බුද්ධියේ ද සහාය ලබමින් පහසුවෙන් ලිවීමට, සංස්කරණය කිරීමට සහ සාරාංශ කිරීම් සිදු කළ හැකි වනු ඇත.

තව ද Copilot භාවිත කරමින් PowerPoint ඔස්සේ, හරහා භාෂා විධානයක් මගින්  සැලසුම් කළ ඉදිරිපත් කිරීමක්  (presentation) පහසුවෙන් සකසා ගත හැකි වනු ඇත.

තව ද මේ හරහා සාරාංශකරණ, ඊ-මේල් ලිවීමට උදව් වීම ද සිදු කරයි. 

මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ,   Microsoft 365 යෙදුම  විශාල භාෂා  ප්‍රමාණයක් සමග ඒකාබද්ධ කරමින් නිර්මාණශීලීත්වය, ඵලදායිතාව වැඩි කිරීම සඳහා තවදුරටත් පරීක්ෂණ කරමින් පවතින බවයි. 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments