counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 28.23℃ Mumbai, India
news-details
Foreign News

රාජකීය අවමංගල්‍යයේ අවසන් සැලැස්ම එළියට

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍යය උත්සවයේ ගමන් මාර්ගය සහ එහි වැඩ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් වාර්තාවන් මේ වන විට මාධ්‍යයට ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
60 වසරකට පෙර බ්‍රිතාන්‍යයේ අගමැති වින්ස්ටන්ට් චර්චිල්ගේ අභාවයෙන් අනතුරුව එරට පවත්වන විශාලතම රාජකීය අවමංගල්‍ය උත්සවය ද මෙය වනවා.
 
පළමුව, වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට දේවස්ථානය දක්වා රාජකීය නාවික හමුදාවේ එකසිය හතළිස් දෙදෙනෙකු විසින් කරත්තය මත ඇගේ දේහය රැගෙන යනු ඇති.
 
මෙම කරත්තය අවසන් වරට  1952 දී රැජිනගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් භාවිතා කර ඇති අතර, පසුව 1979 දී පිලිප් කුමරුගේ මාමා වන මවුන්ට්බැටන් සාමිවරයාගේ අවමංගල්‍ය කටයුතු සඳහා යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
 
 
චාල්ස් රජු සහ ඔහුගේ පුතුන් වන විලියම් කුමරු සහ හැරී කුමරු ඇතුළු රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙම කරත්තය සමගින් ගමන් කරනු ඇති
 
මෙම මාර්ගයේ රාජකීය නාවික හමුදාව සහ රාජකීය මැරීන් භටයින් පෙළගැසෙනු ඇති.
 
එමෙන්ම පාර්ලිමේන්තු චතුරශ්‍රයේදී ගෞරව සම්මාන වෙඩි මුරද පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
 
අමුත්තන් 2,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රැජිනගේ අවමංගල්‍ය කටයුතු වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී එරට වේලාවෙන් උදේ 11ට පමණ ආරම්භ වීමට නියමිතයි.
 
රාජකීය අවමංගල්‍ය සිදුකෙරෙන වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ ඇතුළත පිහිටීම පිළිබඳව බිබිසි පුවත් සේවය වාර්තා කර ඇත්තේ පහත අයුරිනි.
 
 
වෙස්ට්මිනිස්ටර්හිදී ඩේවිඩ් හොයිල් විසින් දේව මෙහෙය මෙහෙයවනු ලබන අතර, කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි විසින් දේශනය පවත්වනු ලබනවා.
 
දේව මෙහෙයෙන් අනතුරුව, රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ඇබේ සිට වෙලින්ටන් ආරුක්කුව දක්වා පාගමනකින් ගෙන යනු ලබනවා.
 
එම මාර්ග සිතියම පහතින් දැකිය හැකියි.
 
 
මෙම මාර්ගයේ නියමිත නැරඹුම් ස්ථානවල සිට මහජනතාවට දේහය නැරඹීමේ අවස්ථාව ලැබෙන බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
 
නැවත වරක් රාජකීය පවුලේ සාමාජිකයන් රැජිනගේ දේහය සහිත කරත්තය පිටුපසින් ගමන් කරනු ඇති.
 
වෙලින්ටන් ආරුක්කුවට ගිය පසු, එරට වේලාවෙන් සවස 1ට පමණ, දේහය වින්ඩ්සර් කාසල් වෙත රැගෙන යාමට අවමංගල්‍ය රථය වෙත මාරු කරනු ලබනවා.
 
වින්ඩ්සර් කාසල් වෙත රැගෙන එන මාර්ග සිතියම පහතින් දැක්වෙනවා.
 
 
වින්ඩ්සර් මාලිගාව, රැජිනගේ ජීවිත කාලය පුරාම විශේෂ වැදගත්කමක් දරන ස්ථානයක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
 
මාලිගාවේ කුළුණු සීනු සෑම මිනිත්තුවකම නාද කරනු ලබන අතර මාලිගාවේ භූමියේ සිට ආචාර වෙඩිමුර පවත්වමින් දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට ගෙන යාමට නියමිතයි.
 
 
ශාන්ත ජෝර්ජ් දේවස්ථානය යනු රාජකීය පවුල විසින් මංගල උත්සව, බව්තීස්ම සහ අවමංගල්‍ය කටයුතු සඳහා තෝරා ගන්නා දේවස්ථානයයි.
 
හැරී කුමරු සහ මේගන් 2018 දී විවාහ වූ ස්ථානයද මෙය වන අතර රැජිනගේ නැසීගිය සැමියා වන පිලිප් කුමරුගේ අවමංගල්‍යය පැවැත්වුණේද මෙම ස්ථානයේයි. 
 
මෙම අවස්ථාවට ආරාධිතයන් 800කින් පමණ සහභාගී වන අතර කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ආශිර්වාදය ඇතිව ඩේවිඩ් කොනර් විසින් දේවස්ථානයේ කටයුතු මෙහෙයවනු ලබනවා.
 
රැජිනගේ පාලනයේ අවසානය සංකේතවත් කරන සම්ප්‍රදායන් මෙම සේවාවට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
 
චාරිත්‍රානුකූල ආගමික මෙහෙයන් කිහිපයකින් පසු කැපවීමේ සේවය අවසන් වන අතර රජු සහ රාජකීය පවුලේ සාමාජිකයන් දේවස්ථානයෙන් පිටව යනු ඇති.
 
පසුව රැජිනගේ දේහය ඇගේ නැසීගිය සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයාගේ දේහය අසලින්ම තැන්පත් කිරීමට නියමිතයි.
 
ඇගේ කිරිගරුඬ පුවරුව ELIZABETH II 1926-2022 ලෙස කැටයම් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
 
 
 
 
 
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments