රාහු කාලය
12:22 pm - 1:51 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
නිරිත
මේෂ
දවස තුළ ක්‍රියාකාරකම් බහුල වන අතර තරමක් බාධා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතුයි. වෙළෙඳ ව්‍යාපාරවලින් තරමක් ජයක් ගෙන දෙයි. තරමක් උණුසුම් වාදවිවාද මතු කරයි. ඌෂ්ණාධික රෝග මතුවේ.Date: 2023-01-25
වෘෂභ
නව ව්‍යාපාර ඇරඹීම්, අලුත් අලුත් දේ අත්හදා බැලීම් වැනි දේට හේතුයි. ළඟම ඥාතියකු නිසා වැයපස ඉහළ යයි. රාජකාරිවලදී තරමක් පීඩාකාරී තත්ත්ව උදාකරයි. සෙම් කෝප රෝග ද මතුකරයි.Date: 2023-01-25
මිථුන
සුපුරුදු රැකියා ව්‍යාපාර බාධාවකින් තොරව කරගෙන යෑමේ ශක්තිය උදාකරයි. නමුත් හවුල් ව්‍යාපාරවල ගැටුම් මතවාද ඇති කරයි. තුරඟ තරග වලින් ජයග්‍රහණ ලැබීමේ වාසනාව ඇති වේ. මුත්‍රා ආසාදන රෝග මතුවේ.Date: 2023-01-25
කටක
ශුභාශුභ මිශ්රඵල දෙයි. විදෙස්ගතවීම් අපේක්ෂා ඉටුකර ගැනීමේ මාර්ග යෙදේ. සිතට සතුට ඇතිවන දෑ සිදුවන අතර තම නමට පැසසුම් ලබන මාර්ග සැලසේ. හදිසි ධන වාසනා ලැබෙයි. සිරසගත රෝග ද දෙයි.Date: 2023-01-25
සිංහ
ශුභාශුභ මිශ්රඵල උදාකරයි. කලබලකාරී වාතාවරණයක් සෑදේ. ගමන් බිමන් ද බහුල දිනකි. අතපසුවීම්වලට හේතුයි. වැය පසද අධික වෙයි. රැකී රක්ෂා ස්ථානවල ප්‍රසාදය දිනයි. සිරසගත රෝග සාදයි.Date: 2023-01-25
කන්‍යා
ශුභාශුභ මිශ්රඵල මතුකරයි. දුර ගමන් යෙදේ. තනි තීරණ ගැනීම ශුභවාදී නොවේ. පරාර්ථකාමී ගති මතුකරයි. නව නිර්මාණ ඇරඹීම ශුභයි. ප්‍රසාදයට පත්වන අතර අරමුණු ජය ගනී. පාදවල ආබාධ, ඉදිමුම් රෝගාදියට හේතුයි.Date: 2023-01-25
තුලා
ශුභාශුභ මිශ්රඵල උදාකරයි. තම සැලසුම් දියත් කිරීමේ අවස්ථා යෙදේ. රාජකාරි බහුල වෙයි. තරමක් අවිවේකී බැවින් ආවේගශීලී ගති ඉස්මතු කරයි. ආර්ථික වාසි සැලසේ. සිරසගත රෝග ඉස්මතු වෙයි.Date: 2023-01-25
වෘශ්චික
ශුභවාදී ඵල මතුකරයි. ප්‍රබෝධමත්ව ක්‍රියාකරන දිනකි. රාජකාරිවලදී ක්‍රියාශීලීව යෙදේ. ස්වයං රැකියාවලින් ජය ලබයි. ලිපි ලේඛනවලින් ජය ලබාගත හැකි අතර අභ්‍යන්තර ඉන්ද්රියන්හි රෝග මතුකරන දිනකි.Date: 2023-01-25
ධනු
ශුභ දිනකි. ප්‍රීති උත්සව යෙදේ. විනෝදජනක කටයුතු දියත් කරයි. ප්‍රබෝධයෙන් රැකියාවල යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. සතුරන් දමනය වෙයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට හේතු බැවින් කල්පනාකාරීවීම ශුභයි.Date: 2023-01-25
මකර
ශුභාශුභ මිශ්රඵල මතුකරයි. රැකියා ස්ථානවල බාධා ඉවත් වෙයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. නව නිර්මාණ ඇරඹීමට හොඳයි. පොදු සේවා, සමාජ සත්කාරවල යෙදේ. ආමාශගත රෝග ආහාර විෂවීම් වලට හේතුයි.Date: 2023-01-25
කුම්භ
ශුභඵල ගෙන දෙයි. නවක මිතුදම් ඇතිවෙයි. ප්‍රීති උත්සව යෙදේ. සුහදතා වර්ධන කටයුතුවල ද යෙදේ. රැකියාවේ උසස්වීම් වැනි දේට හේතුයි. උසස් මිතුරන් ඇසුරට පත්වෙයි. කලක් වධ දුන් රෝගවල සුවතාව මතුවෙයි.Date: 2023-01-25
මීන
ශුභවාදී ඵල ගෙනදෙයි. රැකියා ලාභ ලැබීම් නව ව්‍යාපාර ඇරඹීම් ආදියට හේතුයි. සතුරන් දමනය වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සන්ධි රෝග ඉදිමුම් රෝග ආදියට හේතුයි.Date: 2023-01-25
0 Comment(s)