බටගොඩ, නිව්ටල් වත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අවසානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධ වලින් පහරදී ඊයේ (17) රාත්‍රියේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි අරුණ මංගල ජයවර්ධන නැමැති විවාහක පුද්ගලයෙක්.
දෙපිරිස අතර ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් දෙදෙනෙක් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බරපතළ තත්ත්වයේ පසු වූ හොරණ රෝහලට ඇතුළත් කළ තවත් අයෙක් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.
0 Comment(s)