ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයුමත් සමග මෙරට යොවුන් ගායිකාවක් වන යොහානි ද සිල්වාගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට නියමිතව ඇති බවට වාර්තා වෙනවා.
ඒ අනුව ලබන 30 වැනිදා සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි මෙම සගීත ප්‍රසංග පැවැත්වෙන බව යොහානි ද සිල්වා කියා සිටී.
ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ බව සදහන් කරයි.
සැම විටම ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමාට අවශ්‍ය වූ බවත් , අවසානයේ එය සිදු වූවා යැයි තමාට විශ්වාස කළ නොහැකි යැයිද ඇය එම සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.
0 Comment(s)