counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Local News

රට සිට පැමිණි බිරිඳගේ ගෙල කපා ඝාතනය කර සැමියාත් දිවි නසාගනී 

සිය බිරිඳව ඝාතනය කර සැමියා ද සියදිවි හානි කරගත් පුවතක් දඹුල්ල – තිත්තවැල්ගොල්ල, කොටවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (04) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව දඹුල්ල පොලීසිය සඳහන් කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මීට දින කිහිපයකට පෙර ඩුබායි රාජ්‍යයේ සේවය කර දිවයිනට පැමිණි 42ක හැවිරිදි ගීතා කුමාරි නමැති කාන්තාවක් බවටයි වාර්තා වන්නේ.

මරණකාරිය විදේශ ගතව සිට පසුගිය 31 වනදා නැවත පැමිණ ඇගේ මවගේ නිවසේ සිටියදී ස්වාමි පුරුෂයා විසින් මෙලෙස ඝාතනය කර ඇත.

ඝාතකයා විසින් තම දරුවන්ට දූරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ, තමන් ද සියදිවි හානිකර ගන්නා බවයි.

දීර්ඝ කාලයක සිට දෙදෙනා අතර ඇතිව තිබූ පවුල් ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (05) පැවැත්වීමට නියමිතය.

 

 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments