counter hit xanga
  • India
  • Mar 23, 2023
  • Last Update 10:32 AM
  • 31.02℃ Mumbai, India
news-details
Foreign News

තුර්කි භු කම්පනයේදී ගොඩනැගිලි රැසක් කඩා වැටීමට හේතුව හෙළිවේ 

පසුගිය මාසයේ තුර්කි -සිරියා දේශ සීමාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් සිදු වූ හානිය විමර්ශනය කිරීමට එක්සත් රාජධානියේ සිවිල් ඉංජිනේරුවන් තුර්කියට ගොස් තිබෙනවා.

ඔවුන් භූ විද්‍යාත්මක දත්ත එක්රැස් කරමින් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් කඩා වැටුණේ කෙසේද යන්න තක්සේරු වාර්තාවක් සාදන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ශක්තිය අඩු කරන දුර්වල ඉදිකිරීම් පිළිබඳ උදාහරණ ඔවුන් හෙළි කර ඇති අතර භූමිකම්පාවේ බලවත් බව ද යම් විනාශයකට හේතු වී ඇති බවද ඔවුන් සඳහන් කරනවා.

තුර්කිය ද භූමිකම්පාව සම්බන්ධයෙන් ඉංජිනේරු කණ්ඩායම (EEFIT) යොදවා පුළුල් පරීක්ෂණ සිදු කරන බව සඳහන් වනවා.

මෙම කණ්ඩායමට කර්මාන්තයේ ප්‍රවීණයන් මෙන්ම ප්‍රමුඛ පෙළේ විද්වතුන් ද ඇතුළත් වන අතර පසුගිය දශක තුන තුළ ප්‍රධාන භූමිකම්පා පිළිබඳ තක්සේරු කිරීම් ඔවුන් විසින් සිදු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සිරියාවේ දේශසීමා ආසන්නයේ දකුණු තුර්කියේ පෙබරවාරි 6 වන දින මැග්නිටියුඩ් 7.8 ක ඇති වූ භූමිකම්පාවෙන් 50,000 කට වැඩි පිරිසකට ජීවිත අහිමි වුණා

8 Valuable Lessons to Learn from the Earthquake in Turkey | SoundVision.com

Turkey-Syria earthquake death toll tops 33,000 as search for survivors  continues | The Japan Times

Key developments in the aftermath of the Turkey, Syria quake - ABC News

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments