counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 25.02℃ Mumbai, India
news-details
Local News

ලොරියකින් වැටී පාසල් සිසුන් 11 දෙනෙකුට තුවාල 

හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන් 11 දෙනෙකු කැලෑපිටිමුල්ල ප්‍රදේශයේදී ලොරියකින් ඇද වැටී තුවාල ලබා ඇති අතර ඉන් හත් දෙනකු අද දහවල් දිවුලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මෙම සිසුන් පාසල් නිමවී නිවෙස්වලට යෑම සඳහා මෙම ලොරි රථයට ගොඩ වී ඇති අතර වංගුවකදී මොවුන් ලොරියෙන් විසිවී වැටුණු බව එම සිසුහු පවසති.
 
ලොරි රථය මෙතෙක් හඳුනාගෙන නැත.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments