counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 28.23℃ Mumbai, India
news-details
Political News

SB, චමල්, නිපුණ ඇතුළු 18කට සභාපතිධුර

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස මන්ත්‍රීවරු 18ක්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබාගෙන තිබේ.
 
පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරුද එක්වූහ.
 
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, කළුතර දිස්ත්‍රික්කය සඳහා සංජීව එදිරිමාන්න, ගාල්ල දිස්ත්‍රික්කය සඳහා සම්පත් අතුකෝරල, පත්කර තිබේ.
 
මාතර දිස්ත්‍රික්කය සඳහා නිපුණ රණවක මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා චමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් පත්කර තිබේ.
 
සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයට පත් කෙරුණු අතර, පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේයි.
 
එච්. නන්දසේන මන්ත්‍රීවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයටත්, ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා මහනුවර දිස්ත්‍රික්කයටත් පත්කර තිබේ.
 
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස නාලක බණ්ඩාර කෝට්ටේගොඩ පත් කළ අතර, නුවරඑළියට පත් කෙරුණේ එස්.බී. දිසානායකයි.
 
සුදර්ශන දෙණිපිටිය බදුල්ල දිස්ත්‍රික්කය සඳහා කුමාරසිරි රත්නායක මොණරාගල දිස්ත්‍රික්කය සඳහාත් පත් කෙරුණි.
 
රත්නපුර දිස්ත්‍රික්කය සඳහා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස අකිල එල්ලාවල පත් කෙරුණු අතර, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා රාජිකා වික්‍රමසිංහ, දිගාමඩුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ඩී. වීරසිංහ මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයට කපිල අතුකෝරාල පත්කර තිබේ.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments