නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයකි.
නේපාලයේ පැරණි ගුවන් තොටුපොළ සහ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත.
මෙම ගුවන් යානය කත්මණ්ඩු සිට Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
අනතුරින් සිදු වූ ජීවිත හා දේපල හානිය පිළිබඳව තවමත් නිෂ්චිත සංඛ්‍යා දත්ත මාධ්‍ය වෙත නිකුත් වී නැති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ හේතුවෙන් Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා තිබේ.
0 Comment(s)