counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Local News

ගල් අඟුරු ටෙන්ඩරය ගැන බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක් 

අගෝස්තු 25 වනදා ප්‍රදානය කරන ලද ගල්අඟුරු ටෙන්ඩරය විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (22) දිනයේ අත්හිටුවීමට පියවර ගත් බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
 
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, තෝරාගන්නා ලද සැපයුම්කරු අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බවය.
 
අදාල කටයුත්ත සඳහා වන නීතිමය මැදිහත්වීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන් එම සමාගම මෙම තීරණය ගෙන ඇති බවයි, එහි සඳහන්ව ඇත්තේ.
 
අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ අමාත්‍යාංශය විසින් දීර්ඝකාලීනව ගල්අඟුරු ලබාගැනීම සඳහා අලුත් ටෙන්ඩරයක් සඳහා නිවේදනයක් නිකුත් කරන බවය.
 
දැනට මතුව ඇති ගල්අඟුරු හිඟය මගහරවා ගැනීම සඳහා පසුගිය වසරේ නිකුත් කර ඇති ටෙන්ඩරයට අනුව ලැබීමට නියමිත ගල්අඟුරු තොග කඩිනමින් ගෙන්වාගැනීමට පියවර ගන්නා බවද ඔහු සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සටහන් කර ඇත.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments