counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 25.02℃ Mumbai, India
news-details
Sport News

ඉන්දු - ශ්‍රී ලංකා දෙවන එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (12) ඊඩ්න් ගාඩ්න්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
 
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.
 
අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ සහභාගීත්වය අවිනිශ්චිත අතර ඒ වෙනුවට ළහිරු කුමාර කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ.
 
මීට අමතරව පන්දුව ශරීරයේ වැදීම නිසා චාමික කරුණාරත්න ආබාධයකට ලක්ව ඇති අතර ඔහු අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.
 
දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 67කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.
 
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments