ඉන්දුනීසියාවේ ටෝබෙලා දුපත ආසන්න මුහුදේ භූමිකම්පාවක් සිදුව තිබෙන බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කරයි.
එය රිච්ටර් ඒකක 7.2ක ප්‍රබලත්වයෙන් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ මුහුදු පත්ලේ සිටි කිලෝමීටර් 60ක් ගැඹුරිනි.
මෙම භූමිකම්පාව ශ්‍රී ලංකාවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 5,200ක් දුරින් සිදුව තිබෙන අතර එම භූ කම්පනයෙන් මෙරටට අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේය.
0 Comment(s)